ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හොරු කඩයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපොළ පෙරේදා රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ සොරාගෙන ගිය දේපොළ අතර; ආහාර පරික්ෂා කිරීම් සඳහා යොදා ගන්නා වර්ග දෙකකින් යුත් රසායනික ද්‍රව්‍ය බෝතල් 7 ක් හා පරීක්ෂා කිරීම සඳහා තබා තිබූ සූදුරු පැකට් තුනක් වන බව එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පැමිණිලි කර ඇති බවයි.

බොරැල්ල ඇල්විටිගල මාවතේ වික්ටෝරියා පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පළමු මහලේ පිහිටි රසායනාගාරයේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවටත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?