ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලීමක්….

ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් නීතී විභාගය කල් දමන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.රටේ පවතින ඉන්ධන හිඟය හමුවේ කොළඹ ස්ථාන ත්‍රිත්වයක පැවැත්වීමට මෙම විභාගය කල් දමන ලෙස ඔවුන් මෙයින් ඉලීමක් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් ,

මාධ්‍ය නිවේදනය

බහුතර ශිෂ්‍ය ප්‍රජාවක් විසින් නීති විද්‍යාලයීය විභාග කල් දැමීමට ඉල්ලා සිටින මොහොතක පෙර සැලසුම් කළ පරිදි අදාළ විභාග පැවැත්වීමට පරිපාලන අධිකාරිය විසින් තීරණය කොට ඇත. දිවයින පුරා සිටින විභාග අපේක්ෂකයින් 4000 කට වැඩි පිරිසක් සඳහා අගනුවර පිහිටි විභාග ශාලා තුනක දී භෞතික ක්‍රමවේදය ඔස්සේ 2022 මැයි මස 09 වන දින, එනම් හෙට දින සිට මෙම විභාග පැවැත්වීමට සැලසුම් කොට ඇත. මෙම තීරණයට පරිපාලනය එළඹෙන ලද්දේ ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් විභාග අපේක්ෂකයින් 2000කට වැඩි පිරිසක් විසින් ඉන්ධන නොමැති වීම මත සිදුවන ප්‍රවාහන අපහසුතා, දිවයින පුරා සිදුවන හර්තාල් ව්‍යාපාර නිසා සිදුවන අපහසුතා සහ වෙනත් මේ හා සම්බන්ධ ගැටලු පිළිබඳ අව්‍යාජව හේතු දක්වමින් අත්සන් කළ පෙත්සමක් මගින් මෙන්ම නීති සිසුන් සම්බන්ධ කරගනිමින් සිදුකරන ලද සමීක්ෂණයකදී 79.7% සිසුන් පිරිසක් මඟින් විභාගය කල් දැමිය යුතු බවට දක්වා ඇති කරුණු පරිපාලනයට ඉදිරිපත් කර ඇති මොහොතකයි.

උක්ත කාරණය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් 2022 මැයි මස 05 වන දින කැඳවන ලද හදිසි මහා සභා රැස්වීමේ දී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ භෞතිකව සහභාගි වූ නීති ශිෂ්‍යයන් 1000කට අධික පිරිසක් තමන් දැනටත් මුහුණ දෙන සහ මුහුණ දීමට නියමිත අපහසුතා පිළිබඳ නීති විද්‍යාලයට පරිපාලන අධිකාරිය දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් නීති විද්‍යාලයීය විදුහල්පතිතුමාගෙන්, උක්ත ගැටලුව පිළිබඳව විභාගය ආරම්භ වීමට පෙර සංස්ථාගත නීති අධ්‍යාපනය සභාවේ ගරු සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස සිටියෙමු. එම ඉල්ලීමට සවන් දී ඊට අවස්ථාව ලබාදීමට අදාළ පාර්ශව ක්‍රියා නොකරන ලදි.

මෙම කාරණයේ ඇති බරපතළ බව නැවත නැවතත් පෙන්වා දුන් දහස් සංඛ්‍යාත නීති ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ කරුණු සලකා බලන ලෙස අප ඉල්ලීම් කළද කරුණුවලට සවන් නොදීම හේතුවෙන් ශිෂ්‍ය ප්‍රජාවට සිදු වන්නේ, තමන්ගේ පාලනයෙන් තොර රටෙහි පවතින තත්ත්වය හේතුකොටගෙන අතිශය අසාධාරණ ලෙස මෙම විභාගයෙන් ඉවත්වීමටත් නැවත මාස 5ක් හෝ 6ක් මීලඟ විභාගය පැමිණෙන තුරු බලා සිටීමටත් ය. එවන් තත්වයක් උඩ විදුහල්පතිතුමා ඇතුළු පරිපාලන අධිකාරිය විසින් මෙලෙස සිය විභාග කටයුතු අඩාල වන සමස්ත ලාංකේය නීති ශිෂ්‍යයින්ගේ වගකීම් භාර ගන්නේ ද යන ගැටලුව අප හමුවේ ඇත.

පවත්නා වත්මන් තත්ත්වය තුළ අප නැවතත් විදුහල්පතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය පිළිබඳව සංවේදී වෙමින් අප විසින් දිගින් දිගටම සිදු කරන මෙම ඉල්ලීම් පිළිබඳ සලකා බලන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41