ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෲවරුන්ට පුණ්‍යානුමෝදනා කරමින් පිරිත් පිංකමක්

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා හා පක්ෂයේ මියගිය ජ්‍යෙෂ්ඨයින් ට පින් අනුමෝදන් කිරීමටත්,රටට සෙත් පැතීමටත් වාර්ෂිකව කිරි වෙහෙරේ දී පවත්වන ලද පිරිත් පිංකම මෙවර කැළණි රජමහා විහාරස්ථානයේදී පැවැත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබුණා.

කැළණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් පිරිත් පිංකම පැවැත් පැවැත්වුණු අතර..හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා..

පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට,සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට,මියගිය ජේෂ්ඨ ජේෂ්ඨ සාමාජිකයින්ටත් රටටත් සෙත්පතා මෙම පිරිත් පිංකම පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?