ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතුරු තහනම් නියෝගයක්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරු තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය වළක්වාලමින් එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහත්වරුන්ට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් ෆ්‍රැන්ක් ගුණවර්ධන හා විනිසුරු එම්. බී. චමත් මොරායස් යන මහත්වරුන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,මධ්‍යම කාරක සභා සාමාජික ඇතුළු තනතුරුවලින් තමන්ව ඉවත් කිරීමේ තීරණය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැමිණිලිකාර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබුණා.

එම පැමිණිල්ල සලකා බැලූ දිසා අධිකරණය විත්තිකාර මෛත්‍රිපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් නොතීසි පමණක් නිකුත් කර නඩුව විභාගයට ගැනීමට දින නියම කළා.

කොළඹ දිසා අධිකරණයේ එම නියෝගයට එරෙහිවයි නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණේ.

එම පෙත්සමේ අවසන් තීන්දුව දෙමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?