ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතුරු තහනම් නියෝගයක්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරු තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය වළක්වාලමින් එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහත්වරුන්ට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් ෆ්‍රැන්ක් ගුණවර්ධන හා විනිසුරු එම්. බී. චමත් මොරායස් යන මහත්වරුන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,මධ්‍යම කාරක සභා සාමාජික ඇතුළු තනතුරුවලින් තමන්ව ඉවත් කිරීමේ තීරණය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැමිණිලිකාර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබුණා.

එම පැමිණිල්ල සලකා බැලූ දිසා අධිකරණය විත්තිකාර මෛත්‍රිපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් නොතීසි පමණක් නිකුත් කර නඩුව විභාගයට ගැනීමට දින නියම කළා.

කොළඹ දිසා අධිකරණයේ එම නියෝගයට එරෙහිවයි නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණේ.

එම පෙත්සමේ අවසන් තීන්දුව දෙමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14