ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය නාවික හමුදාව අතර පැවති මාණ්ඩලික සාකච්ඡාව සාර්ථකයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර 12 වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡාව නවදිල්ලියේ දී සාර්ථකව අවසන් වුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ මෙම සාකච්ඡා වාරය (12th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) දෙසැම්බර් මස 18 වැනි දින සිට දින තුනක කාලයක් නවදිල්ලියේ දී පැවැත්වූ බවයි.

මෙම සාකච්ඡා වාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශ්වය සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදාවේ රියර් අද්මිරාල් Nirbhay Bapnaගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය නාවික හමුදා පාර්ශ්වය සහභාගී වුණා.

ඒ අනුව, මෙවර දොළොස් වන මාණ්ඩලික සාකච්ඡා වාරය ආරම්භ කරමින්, පසුගිය වසරේ (2023) පැවති දහ වන (10) මාණ්ඩලික සාකච්ඡා වාරයේ ප්‍රගතිය පිළිබඳ දෙපාර්ශ්වය අතර ප්‍රථමයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදු කෙරුණා.

ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාකච්ඡා මෙන් ම ඒකාබද්ධ සහ බහුපාර්ශ්වික නාවික අභ්‍යාස තුළින්; දෙරටේ නාවික හමුදා අතර සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මෙන් ම, පුහුණු හුවමාරුව, තාක්‍ෂණික දැනුම හා තොරතුරු හුවමාරු වැඩසටහන් සිදු කිරීම ඇතුළු පුළුල් ක්‍ෂේත්‍රයක විෂයයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම ද සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක (Minister Counsellor) කොමදෝරු ඉන්දික ද සිල්වා, කපිතාන් (ඉංජිනේරු) දිනුක් බෝගහවත්ත සහ කොමාන්ඩර් අසන්ත වටගොඩ යන නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?