ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගය ආරම්භයට වැස්සෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන තරගය අද (08) හැමිල්ටන් හිදී ආරම්භවීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් වර්ෂාව හේතුවන් තරග ආරම්භ කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙනවා.

ඇද හැලුණු වර්ෂාව මේ වනවිට නතර වී ඇති අතර, ක්‍රීඩා පිටියේ ජලය ඉවත්කර වියළීමේ කටයුතු සිදුකරගෙන යන බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර තරගය ආරම්භ කරන වේලාව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දැනුම්දීමක් සිදුකර නැහැ.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?