ශ්‍රී ලංකා දඟ පන්දුවේ පීඩනයෙන් කිවි පළමු ඉනිම 340කින් නවතියි

නවසීලන්ත පළමු ඉනිම ලකුණු කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය සමත් වුණා.

පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ක්‍රියාත්මක අද (20) දිනයේ දී දිවා ආහාරයට පෙර නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 06ක් බිඳ වැටීම කැපී පෙනෙන සිදුවීමක් ද වුණා.

තරගය පෙරේදා (18) දිනයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණ අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 305ක් රැස් කරගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ටෙස්ට් වාර්තා රැසකට හිමිකම් කියූ කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කිරීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50 යි.

කඩුලු බිඳ දැමීමේ දී විලියම් ඕ රෞකි ලකුණු 55කට කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා.

අජාස් පටෙල් සහ ග්ලේන් පිලිප්ස් කඩුලු 02ක් සහ සවුති එක් කඩුල්ලක් බිඳ දැමුවා.

සිය දෙවැනි ඉනිම ඊයේ ඇරඹි නවසීලන්ත කණ්ඩායම සිය ලකුණු පුවරුව ක්‍රමයෙන් ශක්තිමත් කරගනිමින් ඉදිරියට පැමිණි අතර ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් සාර්ථක වන ආකාරය ද දක්නට ලැබුණා.

එහිදී ටොම් ලැතම් ලකුණු 70ක්, කේන් විලියම්සන් ලකුණු 55ක් සහ ඩැරිල් මිචෙල් 57ක් ලබා ගත්තා.

රචින් රවීන්ද්‍ර ලකුණු 39යි.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගෙන් කැපී පෙනෙන දක්ෂතා දිස්වුණු අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 136කට කඩුලු 04ක් බිඳ දැමුවා.

රමේෂ් මෙන්ඩිස් කඩුලු 03ක් සහ නායක ධනා අතරේ කඩුලු 02ක බැගින් බෙදී ගියා.

නවසීලන්තයේ අවසන් කඩුල්ල බිඳ දැමීමේ යම් අසීරුතාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට එල්ල වූ අයුරු දිස්වුණ අතර ඊට හේතුව වූයේ ග්ලේන් පිලිප්ස්ගේ ප්‍රවේසම්කාරී පිතිකරණයයි.

පිලිප්ස් නොදැවී ලකුණු 49ක් ලබා ගත්තා.

රමේෂ්ගේ යොමු කළ පන්දුවට අවසන් කඩුල්ල ලෙස බිලි වූයේ විලියම් ඔ’ රෞකි යි.

ඒ අනුව නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 340ක් ලබා ගත්තේ; ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමෙන් ලකුණු 35ක් ඉදිරියෙන් සිටිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?