ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම ගැන සාකච්ඡා කොළඹ දී

ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම(SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය පසුගිය 27 වනදා කොළඹදී ආරම්භ කර තිබෙනවා.

විශාල සහ නැඟී එන ආර්ථිකයන්ගෙන් සමන්විත අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් සමඟ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තායිලන්ත වෙළඳපොළ ප්‍රවේශය වැඩි කිරීම පමණක් නොව එම වෙළඳපොළ හරහා අනෙකුත් ආසියාන් රටවල වෙළඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම දැනට පවතින තීරුබදු නොවන බාධක අවම කිරීම, ශ්‍රී ලංකා පාර්ශ්වයේ සාකච්ඡාවල අරමුණයි.

මෙම 4 වන සාකච්ඡා වටය සඳහා සහභාගිවීමට තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Auramon Supathaweethum) මහත්මිය ප්‍රමුඛ තායිලන්ත නිලධාරීන් 35 දෙනෙකුගෙන් යුත් දූත පිරිස මාර්තු 26 වැනිදා මෙරටට පැමිණ තිබෙනවා.

මීට සමගාමීව දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් තායිලන්ත දූත පිරිස විසින් ගංගාරාම විහාරස්ථානය වෙත පාත්‍ර 500 කට අධික ප්‍රමාණයක් පුජා කිරීම ද එදින සිදු කෙරුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු කේ. ජේ. වීරසිංහ මහතා ප්‍රමුඛව විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා සඳහා සහභාගිවී සිටිනවා.

මෙම ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන සාකච්ඡා වටය අදින් (29) අවසන් විමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?