AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – කොදෙව් පළමු 20-20 ගැටුම අද රාත්‍රියේ (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අද (13) දඹුල්ලේ දී ආරම්භ වනවා.

තරගය අද (13) පස්වරු 7.00ට ආරම්භ වන අතර කණ්ඩායම් දෙකම ඊයේ (12) සිය අවසන් පුහුණු සැසි සඳහා එක් වුණා.

අද තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ නම් කළ අතර, විස්සයි විස්ස තරගාවලියේ ශූරයින්ට
පිරිනැමෙන කුසලානය ද එළිදැක්වූයේ කණ්ඩායමේ දෙකේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක චරිත් අසලංක පැවසුවේ කණ්ඩායමේ සැලසුම් කිහිපයක් වෙනස්කර මෙවර තරගාවලියට එක්වන බවයි.

අද තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කමින්දු මෙන්ඩිස්, චරිත් අසලංක (නායක), භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චමිදු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?