ශ්‍රී ලංකා – කොදෙව් පළමු 20-20 ගැටුම අද රාත්‍රියේ (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අද (13) දඹුල්ලේ දී ආරම්භ වනවා.

තරගය අද (13) පස්වරු 7.00ට ආරම්භ වන අතර කණ්ඩායම් දෙකම ඊයේ (12) සිය අවසන් පුහුණු සැසි සඳහා එක් වුණා.

අද තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ නම් කළ අතර, විස්සයි විස්ස තරගාවලියේ ශූරයින්ට
පිරිනැමෙන කුසලානය ද එළිදැක්වූයේ කණ්ඩායමේ දෙකේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක චරිත් අසලංක පැවසුවේ කණ්ඩායමේ සැලසුම් කිහිපයක් වෙනස්කර මෙවර තරගාවලියට එක්වන බවයි.

අද තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කමින්දු මෙන්ඩිස්, චරිත් අසලංක (නායක), භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චමිදු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46