ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් අවසන් – සම්මාන ලාභීන්ගේ ලැයිස්තුව මෙන්න

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් 2024 වසරේ දී ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම සම්මාන ප්‍රධානය කෙරුණා.

එහිදී කමිඳු මෙන්ඩිස් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගත් අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තා.

එමෙන්ම පසුගිය වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය ජනිත් ලියනගේට හිමි වුණා.

2024 වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන දිනා ගනිද්දී, වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මා දිනාගත්තා.

ටෙස්ට් පිටියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම එක්දින පිටියේ දක්ෂතම පිතිකරු ලෙස පැතුම් නිස්සංක තේරී පත්වූ අතර, දක්ෂතම පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග සම්මාන දිනාගත්තා.

එක්දින පිටියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක මෙවර ක්‍රිකට් සම්මාන උළෙලේ දී තේරී පත් වුණා.

එමෙන්ම විස්සයි විස්ස පිටියේ දක්ෂතම පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් සම්මානයට පත්‍ර වෙද්දී විස්සයි විස්ස පිටියේ දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විතවයම වනිඳු හසරංග විසින් හිමිකර ගැනීම විශේෂත්වයක්.

මේ අතර වසරේ එක්දින පිටියේ දක්ෂම පිතිකාරිනියට හිමි සම්මානය සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවට හිමි සම්මානය නායිකා චමරි අතපත්තු හිමිකර ගනිද්දී කවීෂා දිල්හාරි එක්දින පිටියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වුණා.

කාන්තා විස්සයි විස්ස පිටියේ පසුගිය වසරේ දක්ෂම පිතිකාරිනිය, පන්දු යවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවට හිමි සම්මාන ත්‍රිත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් මෙහිදී දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
6
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?