Update – ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මි සිල්වා යළිත් වරක් තේරී පත්ව තිබෙනවා.

ඒ, අද (31) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දීයි.

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස අඛණ්ඩව තේරී පත්වුයේ සිව්වැනි අවස්ථාව මෙයයි.

ඒ, අනුව ඔහු 2027 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නව උප සභාපතිවරුන් ලෙස ජයන්ත ධර්මදාස සහ රවින් සෙනවිරත්න පත්ව තිබෙනවා.

ලේකම් ධුරයට බන්දුල දිසානායක පත්ව ඇති අතර, උප ලේකම් තනතුර සඳහා ක්‍රිෂාන්ත කපුවත්තේ පත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ භාණ්ඩාගාරික තනතුරට සුජීව ගොඩලියද්ද පත්ව ඇති අතර උප භාණ්ඩාගාරික තනතුර ලසන්ත වික්‍රමසිංහ පත්ව තිබෙනවා.

01
02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?