AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ බංග්ලාදේශය බලා පිටත්ව යයි

බංගලාදේශයට එරෙහිව එළඹෙන 4 වනදා ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේ පැවති සර්ව ආගමික වතාවත් සඳහාද ක්‍රිකට් කණ්ඩායම සහභාගි වුණා.

මෙම බංග්ලාදේශ සංචාරයේදී විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2කින් යුත් පූර්ණ ක්‍රිකට් තර්ගාවලියක් සදහා ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මර්තු 4, 6, සහ 9 යන දිනයන්හිදී ආරම්භ වීමට නියමිතයි.

ඒ සදහා එක්වන ශ්‍රී ලංකා නිල සංචිතය ඊයේ නම් කෙරුණු අතර, වනිදු හසරංග ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වුණා.

කෙසේවෙතත් නිමාවූ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගාවලියේදී විනිසුරු තීරණවලට එරෙහිවීම හේතුවෙන් තාවකාලික තරග තහනමකට ලක්ව සිටින වනිදු හසරංග පලමු විස්සයි විස්ස තරග 2ට එක්වන්නේ නැහැ.

එම තරග 2 මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබෙනවා.

image 18
image 19
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?