ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ බංග්ලාදේශය බලා පිටත්ව යයි

බංගලාදේශයට එරෙහිව එළඹෙන 4 වනදා ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේ පැවති සර්ව ආගමික වතාවත් සඳහාද ක්‍රිකට් කණ්ඩායම සහභාගි වුණා.

මෙම බංග්ලාදේශ සංචාරයේදී විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2කින් යුත් පූර්ණ ක්‍රිකට් තර්ගාවලියක් සදහා ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මර්තු 4, 6, සහ 9 යන දිනයන්හිදී ආරම්භ වීමට නියමිතයි.

ඒ සදහා එක්වන ශ්‍රී ලංකා නිල සංචිතය ඊයේ නම් කෙරුණු අතර, වනිදු හසරංග ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වුණා.

කෙසේවෙතත් නිමාවූ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගාවලියේදී විනිසුරු තීරණවලට එරෙහිවීම හේතුවෙන් තාවකාලික තරග තහනමකට ලක්ව සිටින වනිදු හසරංග පලමු විස්සයි විස්ස තරග 2ට එක්වන්නේ නැහැ.

එම තරග 2 මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබෙනවා.

image 18
image 19


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43