ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2012 වසරේ දී ආරම්භ කෙරුණු අතර දෙරට අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවයි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණේ.

එසේම ප්‍රමුඛ කපු අපනයනකරුවෙකු වන බෙනින් රාජ්‍යයේ කපු කර්මාන්තය තුළ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඇති අවස්ථාවන් මෙහිදී පෙන්වා දුන් බෙනින් උප ජනාධිපතිනිය ඒ සඳහා ශ්‍රී ලාංකික ආයෝජකයින් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා වෙත ආරාධනා කර තිබෙනවා.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රි ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුණා.

මෙම ගිවිසුම මගින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව දින තිහක් (30) දක්වා එක් රටකට ඇතුළු වීමට සහ එහි රැඳී සිටීමට පහසුකම් සපයනු ඇති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ද බෙනින් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඔලුෂෙගුන් අඩ්ජාඩි බකාරි (Olushegun Adjadi Bakari) මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා – බෙනින් ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන එමින් දෙරට අතර ඇති කරගත හැකි නව ආර්ථික අවස්ථා පිළිබඳ සොයා බැලීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බෙනින් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කළේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) මහතා අතර හමුවක් ද නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ඊයේ සිදු වී තිබෙනවා.

ශ්‍රි ලංකාව උදාකරගත් කඩිනම් ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පළ කළ ඉතියෝපියා අග්‍රාමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය මෙන්ම නව ආයෝජන ක්ෂේත්‍ර ගවේෂණය කිරීම ඇතුළුව දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?