ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවති නසාවු තණතීරුව ගැන විවේචන රැසක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (03) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවති නිව්යෝර්ක් හි නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් මේ වනවිට විවේචන එල්ල වෙමින් පවතිනවා.

අසාමාන්‍ය ලෙස අඩු ලකුණු ලබාගත් තරඟයක් වූ මෙම තරගයෙන් පසු නසාවු තණතීරුව සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ප්‍රවීණයන් මෙලෙස විවේචන එල්ල කිරීමට පටන්ගෙන තිබෙනවා.

මෙම තරගයේ දෙපිලම පන්දුවාර 35.3කදී ලකුණු 157ක් රැස්කළ අතර, එහිදී දැවී ගිය කඩුලු සංඛ්‍යාව 14ක්.

තරගය මුළුල්ලේම දළ ලකුණු ලබා ගැනීමේ වේගය 4.4ක අගයක් ගත් අතර, අවසානයේ දකුණු අප්‍රිකාව කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කළා.

කෙසේ වෙතත් ලෝක කුසලානය වැනි ප්‍රධාන ඉසව්වක් වෙනුවෙන් ලබා දී තිබූ දුර්වල තණතීරුව සම්බන්ධයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මනෝජ් තිවාරි අයි.සී.සීය විවේචනයට ලක්කර තිබෙනවා.

එහිදී තිවාරි සඳහන් කර සිටියේ පන්දුව තණ තිල්ල තුළ ගමන් නොකළ බවත්, පිටියේ වැලි ප්‍රමාණය වැඩි නිසා . කණ්ඩායම්වලට ලකුණු ලබාගැනීම දුෂ්කර වූ බවයි.

ලෝක කුසලානයක් පැවැත්වෙන විට ඒ සඳහා සූදානම්වීමට කාලය ඇති බැවින් අයි.සී.සී.ය විසින් නිසි පිටියක් සාදාගත යුතුව තිබූ බවත් තිවාරි සඳහන් කර සිටියා.

මේ අතර මෙම ක්‍රීඩාංගණයේ දී ලෝක කුසලාන තරඟාවලිය තුළ තවත් තරඟ 07ක් පැවැත්වීමට නියමිත අතර, ඉන්දියා කණ්ඩායමේ තරග තුනක්ම මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීම විශේෂත්වයක්.

නිව්යෝර්ක් හි නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙවර 20-20 ලෝක කුසලානය වෙනුවෙන්ම ඉදිකළ ක්‍රීඩාංගණයක් වන අතර, එහි පළමු ජාත්‍යන්තර තරගය ලෙස පැවැත් වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති තරගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
9
+1
48
+1
8
+1
21
+1
12
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20


?