ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවති නසාවු තණතීරුව ගැන විවේචන රැසක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (03) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවති නිව්යෝර්ක් හි නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් මේ වනවිට විවේචන එල්ල වෙමින් පවතිනවා.

අසාමාන්‍ය ලෙස අඩු ලකුණු ලබාගත් තරඟයක් වූ මෙම තරගයෙන් පසු නසාවු තණතීරුව සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ප්‍රවීණයන් මෙලෙස විවේචන එල්ල කිරීමට පටන්ගෙන තිබෙනවා.

මෙම තරගයේ දෙපිලම පන්දුවාර 35.3කදී ලකුණු 157ක් රැස්කළ අතර, එහිදී දැවී ගිය කඩුලු සංඛ්‍යාව 14ක්.

තරගය මුළුල්ලේම දළ ලකුණු ලබා ගැනීමේ වේගය 4.4ක අගයක් ගත් අතර, අවසානයේ දකුණු අප්‍රිකාව කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කළා.

කෙසේ වෙතත් ලෝක කුසලානය වැනි ප්‍රධාන ඉසව්වක් වෙනුවෙන් ලබා දී තිබූ දුර්වල තණතීරුව සම්බන්ධයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මනෝජ් තිවාරි අයි.සී.සීය විවේචනයට ලක්කර තිබෙනවා.

එහිදී තිවාරි සඳහන් කර සිටියේ පන්දුව තණ තිල්ල තුළ ගමන් නොකළ බවත්, පිටියේ වැලි ප්‍රමාණය වැඩි නිසා . කණ්ඩායම්වලට ලකුණු ලබාගැනීම දුෂ්කර වූ බවයි.

ලෝක කුසලානයක් පැවැත්වෙන විට ඒ සඳහා සූදානම්වීමට කාලය ඇති බැවින් අයි.සී.සී.ය විසින් නිසි පිටියක් සාදාගත යුතුව තිබූ බවත් තිවාරි සඳහන් කර සිටියා.

මේ අතර මෙම ක්‍රීඩාංගණයේ දී ලෝක කුසලාන තරඟාවලිය තුළ තවත් තරඟ 07ක් පැවැත්වීමට නියමිත අතර, ඉන්දියා කණ්ඩායමේ තරග තුනක්ම මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීම විශේෂත්වයක්.

නිව්යෝර්ක් හි නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙවර 20-20 ලෝක කුසලානය වෙනුවෙන්ම ඉදිකළ ක්‍රීඩාංගණයක් වන අතර, එහි පළමු ජාත්‍යන්තර තරගය ලෙස පැවැත් වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති තරගයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46