ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට ප්‍රංශයත් සහය වෙයි

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මෙරට ප්‍රංශ තානාපති Remi Lambert අතර හමුවක් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය මගින් සහාය ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් විශේෂඥ කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට එවීමට පියවර ගන්නා බවටත් ප්‍රංශ තානාපතිවරයා මෙහිදී ජනාධිපති ලේකම්වරයා හමුවේ සහතික වී තිබෙනවා.

ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Matthieu John ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?