ශ්‍රී ලංකාව බංගලීන්ට එරෙහිව ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇරඹීමට ශක්තිමත් සූදානමක

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (27) යි.

කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (26) තරගයේ පළමු භාගයේ දී ම සියල්ලන් ම දැවී ගියා.

ඒ ලකුණු 247කටයි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පන්දු යවන්නන්ට ප්‍රබල පිළිතුරක් පිතිකරණයෙන් ලබාදෙන්නට සමත් වුණා.

සුපුරුදු පරිදි වේගවත් මෙන් ම හැඩකාර ඉනිමක් දියත් කරමින් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය උපරිමය සිදු කරමින්, දිනය අවසාන කළේ නොදැවුණු ලකුණු 146ක් සමගින්.

පැතුම් අඛණ්ඩව සිය මව්බිමේ දී ලබාගත් දෙවැනි ශතකය මෙන් ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී ලබාගත් සිව්වැනි ශතකයට ද ඊයේ හිමිකම් කීමට සමත් වුණා.

ඊට අනගි සහාය සපයමින් සිටි ළහිරු උදාර ලකුණු 40කට දැවී ගියා.

පසුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට ආ දිනේෂ් චන්දිමාල් විශිෂ්ට සහායක් අනෙක් අන්තයේ සිට ලබාදෙමින් ශතකයට පෙනෙන මානයේ සිටියදී ලකුණු 93කට රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමෙන් දැවී ගියා.

ඉන් අනතුරුව තෙවැනි කඩුල්ලට පිටියට පිවිසියේ ප්‍රභාත් ජයසිංහ යි.

ඊයේ දිනයේ තරගය පස්වරු 06ට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා පළමු ඉනිමෙන් ලකුණු 43ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 02ක් දැවී ලකුණු 290ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?