ශ්‍රී ලංකාව බංගලීන්ට එරෙහිව ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇරඹීමට ශක්තිමත් සූදානමක

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (27) යි.

කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (26) තරගයේ පළමු භාගයේ දී ම සියල්ලන් ම දැවී ගියා.

ඒ ලකුණු 247කටයි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පන්දු යවන්නන්ට ප්‍රබල පිළිතුරක් පිතිකරණයෙන් ලබාදෙන්නට සමත් වුණා.

සුපුරුදු පරිදි වේගවත් මෙන් ම හැඩකාර ඉනිමක් දියත් කරමින් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය උපරිමය සිදු කරමින්, දිනය අවසාන කළේ නොදැවුණු ලකුණු 146ක් සමගින්.

පැතුම් අඛණ්ඩව සිය මව්බිමේ දී ලබාගත් දෙවැනි ශතකය මෙන් ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී ලබාගත් සිව්වැනි ශතකයට ද ඊයේ හිමිකම් කීමට සමත් වුණා.

ඊට අනගි සහාය සපයමින් සිටි ළහිරු උදාර ලකුණු 40කට දැවී ගියා.

පසුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට ආ දිනේෂ් චන්දිමාල් විශිෂ්ට සහායක් අනෙක් අන්තයේ සිට ලබාදෙමින් ශතකයට පෙනෙන මානයේ සිටියදී ලකුණු 93කට රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමෙන් දැවී ගියා.

ඉන් අනතුරුව තෙවැනි කඩුල්ලට පිටියට පිවිසියේ ප්‍රභාත් ජයසිංහ යි.

ඊයේ දිනයේ තරගය පස්වරු 06ට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා පළමු ඉනිමෙන් ලකුණු 43ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 02ක් දැවී ලකුණු 290ක් ලබා ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20