ශ්‍රී ලංකාව පරදා එක්සත් අරාබි එමීර් රග්බි පිළට තියුණු ජයක්

රග්බි ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයෙන් සුදුස්සන් තෝරා ගැනීමේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරගය තියුණු සටනකින් පසු ජයගන්නට එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමත් වුණා.

කොළඹ තුරඟ තරග පිටියේ දී අද (04) පැවති මෙම තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම ජයගත්තේ ලකුණු 29ට 21ක් ලෙසයි.

2027 රග්බි ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයේ සුදුස්සන් තෝරාගැනීමේ අවසන් තරග වටය සඳහා ශ්‍රී ලංකාව සමඟින් කොරියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලැබූ අතර, එහිදී ශ්‍රී ලංකාව එම කණ්ඩායම් තුන ඉදිරියේම පරාජයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?