ශ්‍රී ලංකාව තුළ දරුණු කොවිඩ් ප්‍රභේදයක් – ළමා රෝහලේ ආසදිතයින්ගේත් වැඩි වීමක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.

මේ වනවිටත් කොවිඩ් ආසාදිත දරුවන් දස දෙනෙකු පමණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

දරුවාට උණ, කැස්ස හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ දුටුවොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් එවැනි තත්ත්වයක් තුළ දරුවා පාසල වෙත නොයවන ලෙසත් වෛද්‍ය ජී. විජේසූරිය මව්පියන්ට දැනුම් දෙනවා.

මේ අතර ලංකාව තුළ පැතිරයමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ දරුණු තත්ත්වයක් නිර්මාණය කරුණු ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ඒ හේතුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන්ට සූදානම් විය යුතු බවයි ඔහු දන්වා සිටියේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මේ වනවිට පැතිර යන බී.ඒ.5 ලෙස හඳුන්වන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ලොව පුරා ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බවයි.

ඊයේ (29) දිනයේ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 143 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය 28 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් ද ඊයේ (29) දිනයේ තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?