ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශුරයින්ගේ කුසලානයට සුදුසුකම් නොලබා නිල වශයෙන් ඉවත්වී තිබෙනවා.

ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අවම මට්ටක පැවතීම හා 2023 ලෝක කුසානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් අතර රැදීම හේතුවෙන්.

පාකිස්ථානයේදී 2025 වසරේදී පැවැත්වීමට සැලසුම් කර ඇති චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ අනුව ශ්‍රී ලංකාවට අහිමි වනවා.

මෙවර ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවති තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් ජයග්‍රහණය කළ ද බංග්ලාදේශය එම තරගයේදී ඉහළ ලකුණු වේගයක් රඳවා ගැනීම ද ශ්‍රී ලංකාවට අවස්ථාව අහිමි වීමට හේතුවක්.

පාකිස්ථානය සහ එංගලන්තය අතර තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 337ක් ලබා ගැනීම ද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අහිමි වීමට හේතුවක් වුණා.

ඒ අනුව මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 7 අතරට පැමිණි කණ්ඩායම් සමග පාකිස්ථානය 2025 චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබාගනු ලැබුවා.

මේ අනුව ඉතිහාසයේ පළමු වරටයි ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයෙන් ඉවත්ව ගියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
5
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?