ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශුරයින්ගේ කුසලානයට සුදුසුකම් නොලබා නිල වශයෙන් ඉවත්වී තිබෙනවා.

ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අවම මට්ටක පැවතීම හා 2023 ලෝක කුසානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් අතර රැදීම හේතුවෙන්.

පාකිස්ථානයේදී 2025 වසරේදී පැවැත්වීමට සැලසුම් කර ඇති චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ අනුව ශ්‍රී ලංකාවට අහිමි වනවා.

මෙවර ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවති තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් ජයග්‍රහණය කළ ද බංග්ලාදේශය එම තරගයේදී ඉහළ ලකුණු වේගයක් රඳවා ගැනීම ද ශ්‍රී ලංකාවට අවස්ථාව අහිමි වීමට හේතුවක්.

පාකිස්ථානය සහ එංගලන්තය අතර තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 337ක් ලබා ගැනීම ද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අහිමි වීමට හේතුවක් වුණා.

ඒ අනුව මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 7 අතරට පැමිණි කණ්ඩායම් සමග පාකිස්ථානය 2025 චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබාගනු ලැබුවා.

මේ අනුව ඉතිහාසයේ පළමු වරටයි ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලානයෙන් ඉවත්ව ගියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04