AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ වාර්තාව පැය 24ක් තුළ කොදෙව්වෝ බිඳ දමයි

පන්දුවාර 20 -20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය අතර මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කිරීමට සමත් වුණා.

කොදෙව් කණ්ඩායම් අද රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් මේ දක්වා රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර ඊයේ (17) පැවති තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 201ක් රැස් කරමින් මෙවර ලෝක කුසලානයේ කණ්ඩායමක් ඉනිමක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවා.

අද තරගයේ කොදෙව් ඉනිම වෙනුවෙන් නිකලස් පූරන් පන්දු 53ක් තුළ ලකුණු 98ක් රැස් කළා.

පූරන්ගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 06ක් ඇතුළත්.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයට පන්දු 120ක් තුළ ලකුණු 219ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
43
+1
6
+1
58
+1
13
+1
12
+1
7
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?