ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය ගැන අලුත් අනාවරණයක්

සාමාන්‍යයෙන් දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් මෙරට තුළ ජනනය වුවද ඉන් නැවත එක්රැස් වන්නේ සියයට 32ක් පමණක් බව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළිවී තිබෙනවා.

එලෙස එකතුවන ප්ලාස්ටික්වලින් යාන්ත්‍රික ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4ක් පමණක් බවයි පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වූයේ.

ඉතිරිය එක් රැස් කළ ද පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන බව නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරුණා.

කිසිදු නියාමනයකින් තොරව සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවසර දී ඇති බව ද මෙහිදී හෙළි වුණා. එබැවින් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමේදී කර්මාන්තයේ අවශ්‍යතා අනුව ඒවා නිකුත් කළ යුතු බවටයි ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවේ.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කරන අතර සුන්බුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට අවසර දී ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

පසුගිය වසරේ සුන්බුන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාදී තිබුණ ද මෙරට කර්මාන්ත සඳහා සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 5,179ක් පමණක් බවයි නිලධාරීන් කියාසිටියේ. එබැවින් එවැනි අවසරයක් ලබා දීමේදී කර්මාන්තයේ අවශ්‍යතාවය සලකා බලා අවසර ලබා දෙන ලෙසත් එලෙස ගෙන එන ප්ලාස්ටික් වසර 5ක් වැනි නිශ්චිත කාලයක් තුළ එකතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බවටත් කාරක සභා සභාපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

අධික පිරිවැය හේතුවෙන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්ලාස්ටික් එකතු කිරීම සඳහා බොහෝ දෙනා උනන්දු නොවන බවයි නිලධාරීන් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ. ප්ලාස්ටික් එකතු කිරීම සඳහා ලබාදෙන දිරි දීමනා ඉහළ දැමීමෙන් මෙම ප්‍රමාණය වැඩි කළ හැකි බව සභාපතිවරයා සඳහන් කළේ.

එපමණක් නොව ප්ලාස්ටික් එකතු කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකම විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළා. ඒ සමගම යෝජිත පාරිසරික නීති කෙටුම්පත කඩිනමින් අවසන් කර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33