AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ පළමු හරිත බැඳුම්කරය එලායන්ස් ෆිනෑන්ස් සමාගමෙන් (ඡායාරූප)

තිරසාර සංවර්ධනය සඳහා බැංකු නොවන මූල්‍ය ආයතනයන් අතරින්, ශ්‍රී ලංකාවේ පළමු හරිත බැඳුම්කරය නිකුත් කිරීමට එලායන්ස් ෆිනෑන්ස් සමාගම පුරෝගාමී වී තිබෙනවා.

තිරසාර මූල්‍යකරණයේ පුරෝගාමියා සහ ප්‍රමුඛයා වන එලායන්ස් ෆිනෑන්ස් සමාගම (AFC), බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) විසින් ශ්‍රී ලංකාවේ පළමු හරිත බැඳුම්කරය නිකුත් කිරීම අභිමානවත් ලෙස සිදු කළේ ඊයේ (18) කොළඹ දී බවයි වාර්තා වන්නේ.

මෙම සුවිශේෂී ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහ කාබන් අවමකිරීම, පරිසර හිතකාමී අනාගතයක් කරා පියවර තැබීම උදෙසා AFC අපගේ කැපවීම විදහා දක්වනවා.

තිරසාරභාවය කෙරෙහි ගැඹුරින් අවධානය යොමු කරන ආයතනයක් ලෙස, AFC ආයතනය වසර 68කට වැඩි කාලයක් මුළුල්ලේ වගකිවයුතු මූල්‍ය කටයුතු සඳහා නිරන්තරයෙන් සහාය වී තිබෙනවා.

මෙම හරිත බැඳුම්කරය නිකුත් කිරීම ජාතික සහ ගෝලීය තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනිම සඳහා සහාය වන අතරම සමාගමේ ත්‍රිත්ව-පහළ-රේඛාව (Triple bottom line) හෙවත්, ජනතාව, පෘථිවිය සහ ලාභය සමතුලිත කිරීම යන අපගේ අභිලාෂය සමඟ සමපාත වනු ඇති.

මෙම බැඳුම්කරයෙන් ලැබෙන ආදායම අප ආයතයෙන් සිදු කරන ව්‍යාපෘති අතුරින් පුනර්ජනනීය බලශක්තිය සහ බලශක්ති කාර්යක්ෂමතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් පාරිසරික තිරසාරභාවයට දායක වන ව්‍යාපෘති සඳහා පමණක් වෙන් කරනු ලබනවා.

හරිත බැඳුම්කර ආදායම ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේ දී AFC හි හරිත බැඳුම්කරය හරහා රැස් කරන අරමුදල් සුදුසුකම් ලත් හරිත ව්‍යාපෘති සඳහා යොමු කෙරෙන අතර ඒවා පුනර්ජනනීය බලශක්ති මූල්‍යකරණය – ව්‍යාපාර සහ පුද්ගලයින් හට පිරිසිදු හා තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමට ඇති හැකියාව වැඩිදියුණු වන පරිදි සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහාය වීම, බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම – කාර්මික, වාණිජ සහ ගෘහස්ථ යන අංශවල බලශක්ති පරිභෝජනය අඩු කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් අරමුදලක් පිහිටුවීම, ඊට අමතරව, මෙම ආදායම සූර්ය බලශක්ති පරිභෝජනය සඳහා අවශ්‍ය වන උපකරණ විකිණුම්කරුවන් සහ සැපයුම්කරුවන් මූල්‍යකරණය කිරීම සඳහා යොමු කෙරෙනවා.

මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ කාබන් පියසටහන අඩු කිරීම, පැරිස් ගිවිසුම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDGs) යටතේ, රටේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන AFC ආයතනයේ කැපවීම විදහා දක්වනවා.

ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍යකරණයේ සංධිස්ථානයක්;

ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා AFC හරිත බැඳුම්කරය ලංකා ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් A- ලෙස ශ්‍රේණිගත කර ඇති අතර සෙලාන් බැංකුව විසින් සහතික කර ඇත. මෙම හරිත බැඳුම්කරයේ කලමනණාකාරීත්වය දරනු ලැබුවේ NDB ඉන්වෙස්මන්ට් බැංකුව වන අතර ආයතනික භාණ්ඩාගරය වූයේ එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ භාණ්ඩාගාරයයි. විනිවිදභාවය, වගවීම සහ බලපෑම මත පදනම් වූ මූල්‍යකරණය සහතික කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ සංගමයේ (ICMA) හරිත බැඳුම්කර මූලධර්මවලට අනුකූලව බැඳුම්කරය ද ව්‍යුහගත කර තිබෙනවා.

මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් AFC හි නියෝජ්‍ය සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා පැවසූයේ,
“අපගේ හරිත බැඳුම්කරය දියත් කිරීම තිරසාර මූල්‍යකරණය කරා යන අපගේ ගමනේ පරිවර්තනීය පියවරක් සනිටුහන් කරයි. පාරිසරික වශයෙන් වගකිවයුතු ව්‍යාපෘති සඳහා අරමුදල් යොමු කිරීමෙන්, අප විසින් ව්‍යාපාර, ප්‍රජාවන් සහ පුද්ගලයින්ට තිරසාරභාවය වැළඳ ගැනීමට අභිප්‍රේරණයක් ලබා දෙමින් ධනාත්මක පාරිසරික බලපෑමක් සහතික කරනු ලැබේ. මෙම නිකුතුව ආයෝජකයින්ට හරිත මූල්‍යකරණයට සහාය වීමට අවස්ථාවක් පමණක් නොව වඩාත් හරිතවත් ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ තවත් එක් පියවරකි” යනුවෙන්.

හරිත බැඳුම්කරය කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලැයිස්තුගත කරනු ලැබූ අතර, තරඟකාරී ප්‍රතිලාභ උපයා ගනිමින් ශ්‍රී ලංකාවේ හරිත සංක්‍රාන්තිය‍ට ආයෝජනය කිරීමට ආයෝජකයින්ට අවස්ථාව ලබා දුන් අතර එය නිකුත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත එයට අධික දායකත්වයක් හිමි වුණා.

ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය ශක්තිමත් කිරීම;
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය සහ තිරසාර ආර්ථික ප්‍රකෘතිය අඛණ්ඩව අනුගමනය කරන බැවින්, දේශගුණික හිතකාමී මුලපිරීම් සඳහා මූල්‍යකරණය කිරීමේදී AFC ආයතනය ඉදිරියෙන්ම සිටී. මෙම හරිත බැඳුම්කරය සමාගමේ දිගුකාලීන දැක්ම වන මූල්‍ය ප්‍රවේශය, ආර්ථික බලගැන්වීම සහ පාරිසරික භාරකාරත්වය සමඟ සමපාත වනවා.

තිරසාර අනාගතයක් කරා යන අපගේ ගමනට සහාය වෙමින්, AFC සමාගම සමඟ අත්වැල් බැඳගන්නා ලෙසට ආයෝජකයින්ට, කොටස්කරුවන්ට සහ හවුල්කරුවන්ට එම සමාගම විසින් ආරාධනා කරනු ලබනවා.

WhatsApp Image 2025 02 19 at 11.04.19
WhatsApp Image 2025 02 19 at 11.04.18 1
WhatsApp Image 2025 02 19 at 11.04.18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?