ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව අතින් අතට යද්දී දෙවැනි විනිසුරුත් ඉල්ලා අස්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව
අද දින අංක 3 මහාධිකරණය හමුවේ දී කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත් අංක 03 මහාධිකරණ විනිසුරුවරයා විසින් එම නඩුව වෙනත් අධිකරණයකට යොමු කිරීම සඳහා අංක 01 ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි අධිකරණ වාර්තාකරු පැවසුවා.

ඉන් අනතුරුව අංක 01 විනිසුරුවරයා විසින් එම නඩුව අංක 06 මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරිපත් කළා.

අංක 06 මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ දී මීට මොහොතකට පෙර (27) එම නඩුව කැඳවමින් සුජීව නිශ්ශංක මහතා පැවසුවේ තමන් පෞද්ගලික හේතුවක් මත එම නඩුව විභාගයට තමන් අකමැති බව ප්‍රකාශ කරමින් ඉන් ඉවත් වූවා.

කෙසේවෙතත් එම නඩුව මැයි මස 21 වැනිදා අංක 01 ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා හමුවේ කැඳවීමට නියෝග කළ බවයි වාර්තා වන්නේ.

මෙම නඩුව විභාග කරමින් සිටි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් දෙකක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අධිකරණයට කරුණු වාර්තා කිරීම ද අද සිදු වුණා.

ඉකුත් 21 වනදා “පෝද්දල ජයන්ත” සහ “සනත් බාලසූරිය” යන නම්වලින් මුහුණු පොත ඔස්සේ මෙම පළ කිරීම සිදුකර තිබෙන බව සඳහන්.

මේ තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

මීට අදාළව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙස්ට්‍රාර්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එහිදී අදාළ ෆේස්බුක් සටහන් සමඟ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබුණා.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අධි චෝදනා භාරදීම සිදු කෙරුණේ මෙවන් තත්ත්වයකදියි.

කෙසේවෙතත් අද පෙරවරුවේ දී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ද මෙම නඩුව විභාග කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39