දේශබන්දු තෙන්නකෝන්ගෙන් CID ප්‍රකාශ සටහන් කරගනියි

දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු යෝජනාව පිළිබඳ ව විමර්ශනය කිරීමට විමර්ශන කමිටුවක් ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සරල බහුතරයකින් (ඡන්ද 113කින්) එම විමර්ශන වාර්තාව සමගින් ඇති යෝජනාව සම්මත විය යුතු අතර එම විශේෂ කමිටුව සඳහා ඇතුළත් වන සාමාජිකයින් කිහිපදෙනෙකු ද වනවා.

ඒ අතර අග්‍ර විනිශ්චයකාරවරයා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති සහ පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගෙන් විමර්ශන කමිටුව සමන්විත වනු ඇති.

ඒ අනුව සමස්තයක් ලෙස අදාළ විමර්ශන කමිටුවේ වාර්තාව අප්‍රේල් මස 08 හෝ 09 යන දෙදිනෙන් එකකදී පාර්ලිමේන්තුවට යොමු කර සම්මත කරගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33