ශ්‍රී ලංකාවේ පළමු වරට ගොන් පොර තරගාවලියක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගොන් පොර තරගාවලියක් සංවිධානය කර තිබෙනවා.

ඉන්දියාවේ බහුලව පත්වෙන ජල්ලි කට්ටු නමින් හැඳින්වෙන මෙම ගොන් පොර තරගාවලිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංවිධාන කර ඇති බවයි වාර්තා වුණේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) දිනයේ දී මෙම තරග සංවිධානය කර ඇති බව සඳහන්.

ත්‍රිකුණාමල, සාම්පූර්හි දී පැවැත්වෙන මෙම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මැලේසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩට්ටු ශ්‍රී මුරුගන්, ජල්ලිකට්ටු ආරක්ෂා කිරීමේ සංගමයේ සභාපති ඔන්ඩිරාජ් සහ ලේකම් රාජා යන අය සහභාගී වී සිටිනවා.

තමිල්නාඩු ජල්ලි කට්ටු සුරැකීමේ සහ සුබසාධන සංගමයේ මඟපෙන්වීම යටතේ මෙය සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
3
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?