ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනපතිගෙන් ජපාන ආයෝජකයන්ට ඇරයුම්

ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා”යන මැයෙන් අද (26) පෙරවරුවේ ටෝකියෝ නුවර දී පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට එක්වෙමින්.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් JETRO ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම හමුව සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කරනු ලැබුවා.

අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවෙකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බලකාය ජපාන සමාගම්වලට කලාපය තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාව පුරාවටම මනාව තහවුරු කෙරුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ හමුවකට ද එක් වී තිබෙනවා.

ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කෝනෝ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ. ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමේ වැඩපිළිවෙළ පිළිබඳ එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළ අතර, ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ක්වාන්ග් (Trần Lưu Quang) මහතා අතර සාකච්ඡා ද ටෝකියෝ නුවරදී පැවැත් වුණා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව එහිදී නායකයන්ගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25