ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර පාලනය රාජ්‍ය නායකයින්ගේ පැසසුමට

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවුණා.

එහිදී ජනාධිපතිවරයා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කළා.

දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිම හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී නායකයන් අවධානය යොමු කළ අතර, ඒ සඳහා නව උපායමාර්ගික සැලැස්මක වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පාකිස්ථාන අගමැතිවරයා දැනුම්වත් කළ ජනාධිපතිවරයා වත්මන් රජය දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් යුතු ආර්ථික කළමනාකරණයක් සිදු කරමින් සිටින බව කියා සිටියා.

ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් පදනමක් එක් කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය නංවාලීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කෙරුණා.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පැවැත්වුණු අතර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙස ආරාධනා කළා.

කාලගුණික විපර්යාසවලට මුහුණදීම, යහපාලනය, කෘෂිකර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට අදාළව විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව පෙන්වා දුන් ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඇගයීමට ලක් කළා.

විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය බව සහ දූෂණයෙන් තොර පාලනය මෙහිදී ටෝනි බ්ලෙයාර් මහතාගේ විශේෂ පැසසුමට ලක් වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?