ශ්‍රී ලංකාවේ ණය ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙන බව චීනය ප්‍රකාශ කරනවා.

රට දැවැන්ත මූල්‍ය අර්බුධයකට ගොදුරු වී ඇති අතර ඩොලර් බිලියන 51ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අරගල කරන බැවින් මෙම පියවර ගන්නා බවයි චීන රජය ප්‍රකාශ කර ඇත්තේ.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පැවසුවේ 2022 සහ 2023 දී ගෙවිය යුතු ණය සඳහා දිගුවක් ලබා දීමේ සැලැස්මක් තම රජය විසින් ඉදිරිපත් කළ බවයි.

එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ණය සඳහා ගෙවිය යුතු මූලික මුදල් හා පොලී ගෙවීමට සිදු නොවනු ඇති බවටයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

ජපානයට සහ ආසියානු සංවර්ධන බැංකුවට පසු ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ණය දෙන්නා චීනය වන අතර ණය වලින් 10% ක් පමණ ලබාගෙන ඇත්තේ චීනයෙන්.

චීනය ලබාදුන් ණය මගින් ශ්‍රී ලංකාව ගුවන් තොටුපළක් ඉදිකිරීමට මෙන්ම අරමුදල් නොමැති වෙනත් ව්‍යාපෘති සඳහා ද යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තම රට විසින් ලබාදුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ ඒවා ගෙවීම වෙනුවෙන් සහන කාලයක් ලබාදීම චීනය විසින් කල් දැමූ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් එකඟතාව පළ කරනු ලැබුවේ පළමු වරට වීම විශේෂත්වයක්.

මේවන විට පැරිස් සමාජය ද ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කැමැත්ත පළකර තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාව ද පසුගියදා ඊට කැමැත්ත පළ කළ අතර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව හෙළි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22