ශ්‍රී ලංකාවේ ණය ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙන බව චීනය ප්‍රකාශ කරනවා.

රට දැවැන්ත මූල්‍ය අර්බුධයකට ගොදුරු වී ඇති අතර ඩොලර් බිලියන 51ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අරගල කරන බැවින් මෙම පියවර ගන්නා බවයි චීන රජය ප්‍රකාශ කර ඇත්තේ.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පැවසුවේ 2022 සහ 2023 දී ගෙවිය යුතු ණය සඳහා දිගුවක් ලබා දීමේ සැලැස්මක් තම රජය විසින් ඉදිරිපත් කළ බවයි.

එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ණය සඳහා ගෙවිය යුතු මූලික මුදල් හා පොලී ගෙවීමට සිදු නොවනු ඇති බවටයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

ජපානයට සහ ආසියානු සංවර්ධන බැංකුවට පසු ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ණය දෙන්නා චීනය වන අතර ණය වලින් 10% ක් පමණ ලබාගෙන ඇත්තේ චීනයෙන්.

චීනය ලබාදුන් ණය මගින් ශ්‍රී ලංකාව ගුවන් තොටුපළක් ඉදිකිරීමට මෙන්ම අරමුදල් නොමැති වෙනත් ව්‍යාපෘති සඳහා ද යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තම රට විසින් ලබාදුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ ඒවා ගෙවීම වෙනුවෙන් සහන කාලයක් ලබාදීම චීනය විසින් කල් දැමූ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් එකඟතාව පළ කරනු ලැබුවේ පළමු වරට වීම විශේෂත්වයක්.

මේවන විට පැරිස් සමාජය ද ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කැමැත්ත පළකර තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාව ද පසුගියදා ඊට කැමැත්ත පළ කළ අතර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව හෙළි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?