ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) ඊයේ (26) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවුණා.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි තානාපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද සාකච්ඡාවක නිරත වුණා.

එහිදී ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කර ගනිමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇති අතර දෙරටේ ආරක්‍ෂක ආයතන අතර අධ්‍යයන හා වෘත්තීය හුවමාරු වැඩසටහන් හා අවස්ථා වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ ඊජිප්තු තානාපතිවරයා, අන්තර් දැනුම හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ මුලපිරීම් සඳහා ඇති අවස්ථා ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සබඳතා පුළුල් කිරීම සඳහා මෙන්ම ඉන්දියන් සාගර කලාපය තුල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඊජිප්තු අරාබි ජනරජයේ කැපවීම යළිත් තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?