ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) ඊයේ (26) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවුණා.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි තානාපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද සාකච්ඡාවක නිරත වුණා.

එහිදී ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කර ගනිමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇති අතර දෙරටේ ආරක්‍ෂක ආයතන අතර අධ්‍යයන හා වෘත්තීය හුවමාරු වැඩසටහන් හා අවස්ථා වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ ඊජිප්තු තානාපතිවරයා, අන්තර් දැනුම හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ මුලපිරීම් සඳහා ඇති අවස්ථා ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සබඳතා පුළුල් කිරීම සඳහා මෙන්ම ඉන්දියන් සාගර කලාපය තුල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඊජිප්තු අරාබි ජනරජයේ කැපවීම යළිත් තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31