ශ්‍රී ලංකාවට ලකුණු 214ක ඉලක්කයක්

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 214ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 49යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 213ක් පමණයි.

නායක රෝහිත් ශර්මා ලකුණු 53යි. ලෝකේෂ් රාහුල් ලකුණු 39ක් රැස් කළා. ඉෂන් ක්‍රිෂන් ලකුණු 33යි. විරාත් කෝලි ලකුණු 3යි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත්තා.

චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 4ක් බිඳහෙලුවා. මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳහෙලුවා.

මෙම තරගයේ 47 වන පන්දු වාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා මතුවීම හේතුවෙන් තාවකාලිකව නතර කිරීමට ද සිදුවුණා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඉන්දියාව කඩුලු 9ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 197ක්.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22