ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගයෙන් අන්ත පරාජයක්

ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගය ජයගන්නට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (01) දමත් වුණා.

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 242කින්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද ලැබූ මෙම තරග පරාජය වාර්තා අතරට එක්වන්නේ, ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකින් ලැබූ දැවැන්තම පරාජය ලෙසටයි.

මීට පෙර ශ්‍රී ලංකාව 2017 වසරේ ඉන්දියාව ඉදිරියේ ඉනිමකින් හා ලකුණු 239 කින් පරාජයට පත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය 29 වනදා ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාව තීරණය කළා.

ඒ, අනුව ඔවුන් සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 654ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම සඳහා ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 165ක් රැස්කර ගත්තේ, ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 486ක් පසු පසින් සිටිමින්.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 247ක් පමණයි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට හුරු පුරුදු ගාලු තණ තීරුවේ ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වන ආකාරය දැකගත හැකි වුණා.

එහි ප්‍රථිපලයක් ලෙස අද (01) දිනයේ දී ශ්‍රී ලංකා කඩුලු 15ක් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් විසින් දවාගැනීම විශේෂත්වයක්.

ඒ, අනුව මෙම තරගය අවසානයට තවත් දිනක් ඉතිරිව තිබිය දී ඕස්ට්‍රේලියාව දැවැන්ත ජයග්‍රහණයකින්, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?