ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගයෙන් අන්ත පරාජයක්

ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගය ජයගන්නට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (01) දමත් වුණා.

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 242කින්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද ලැබූ මෙම තරග පරාජය වාර්තා අතරට එක්වන්නේ, ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකින් ලැබූ දැවැන්තම පරාජය ලෙසටයි.

මීට පෙර ශ්‍රී ලංකාව 2017 වසරේ ඉන්දියාව ඉදිරියේ ඉනිමකින් හා ලකුණු 239 කින් පරාජයට පත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය 29 වනදා ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාව තීරණය කළා.

ඒ, අනුව ඔවුන් සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 654ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම සඳහා ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 165ක් රැස්කර ගත්තේ, ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 486ක් පසු පසින් සිටිමින්.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 247ක් පමණයි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට හුරු පුරුදු ගාලු තණ තීරුවේ ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වන ආකාරය දැකගත හැකි වුණා.

එහි ප්‍රථිපලයක් ලෙස අද (01) දිනයේ දී ශ්‍රී ලංකා කඩුලු 15ක් ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් විසින් දවාගැනීම විශේෂත්වයක්.

ඒ, අනුව මෙම තරගය අවසානයට තවත් දිනක් ඉතිරිව තිබිය දී ඕස්ට්‍රේලියාව දැවැන්ත ජයග්‍රහණයකින්, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?