ශ්‍රී ලංකාවට ගෞරවය රැකගන්න තියන අවසන් අවස්ථාව අද

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (03) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට තරගාවලිය ජයගෙන සිටින එංගලන්ත කණ්ඩායම අද තරගයේ දී අත්හදා බැලීම් කිහිපයක්ම සිදුකරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියට යහපත් මානසික මට්ටමකින් එක්වීමට සහ ගෞරවය රැක ගැනීමට අද තරගයේ ජයග්‍රහණය ඉතා වැදහත් වනවා.

මේ අතර අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට අහිමි වී යන බවට තොරතුරු වාර්තා වනවා.

දෙරට අතර පෙරේදා (01) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී උරහිසේ ආබාධයකට ලක්ව ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

මේ අතර එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ඊයේ (02) ප්‍රකාශයට පත් කළා.

එම සංචිතයට ආබාධයකට ලක්ව සිටින එෂාන් මාලිංග නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?