සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රේග් අර්වින්ගේ නායකත්වය යටතේ සිම්බාබ්වේ පිළ ශ්‍රී ලංකාව එරෙහිව තරග වැදීමට නියමිතයි.
සිම්බාබ්වේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙක් වන බ්‍රෙන්ඩන් ටේලර් 2021 වර්ෂයේදී ජ්‍යාත්‍යන්තර පිටියෙන් තමන් සමුගන්නා බව නිවේදනය කළත් ඔහු මෙවර ශ්‍රී ලංකාවට එරෙහි ජාතික සංචිතයට එක් වී තිබෙනවා.
බ්‍රෙන්ඩන් ටේලර් නැවතත් මෙලෙස ජාතික කණ්ඩායමක් සමඟ එකතු වන්නේ 2021 වර්ෂයට පසුවයි.
මෙම වසරේ සිම්බාබ්වේ ක්‍රීඩා කළ අවසන් එක්දින තරගාවලිය වූ අයර්ලන්තය සමඟ පැවති තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන ලද ටෝනි මුන්යොංගා, ක්ලයිව් මදන්ඩේ, බ්‍රැඩ් එවන්ස් සහ නවක වේග පන්දු යවන්නෙක් වන අර්නස්ට් මසුකු ද කණ්ඩායම සමඟ එක් වී සිටිනවා.
තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 29 වැනිදා හරාරේ ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිතයි.















