ශ්‍රී ලංකාවට එරෙහිව ජය සොයන සිම්බාබ්වේ සංචිතය මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රේග් අර්වින්ගේ නායකත්වය යටතේ සිම්බාබ්වේ පිළ ශ්‍රී ලංකාව එරෙහිව තරග වැදීමට නියමිතයි.

සිම්බාබ්වේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙක් වන බ්‍රෙන්ඩන් ටේලර් 2021 වර්ෂයේදී ජ්‍යාත්‍යන්තර පිටියෙන් තමන් සමුගන්නා බව නිවේදනය කළත් ඔහු මෙවර ශ්‍රී ලංකාවට එරෙහි ජාතික සංචිතයට එක් වී තිබෙනවා.

බ්‍රෙන්ඩන් ටේලර් නැවතත් මෙලෙස ජාතික කණ්ඩායමක් සමඟ එකතු වන්නේ 2021 වර්ෂයට පසුවයි.

මෙම වසරේ සිම්බාබ්වේ ක්‍රීඩා කළ අවසන් එක්දින තරගාවලිය වූ අයර්ලන්තය සමඟ පැවති තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන ලද ටෝනි මුන්යොංගා, ක්ලයිව් මදන්ඩේ, බ්‍රැඩ් එවන්ස් සහ නවක වේග පන්දු යවන්නෙක් වන අර්නස්ට් මසුකු ද කණ්ඩායම සමඟ එක් වී සිටිනවා.

තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 29 වැනිදා හරාරේ ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43