ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් සගාරියන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂ හමුවක් අද (09) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවුණා.
මෙහි දී විපක්ෂ නායකවරයා විසින් රුසියානු තානාපතිවරයා වෙත, දිට්වා සුළි කුණාටුව නිසා මෙරට ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.
ඒ, අනුව නැවත ජන ජීවිත නගා සිටුවීමටත් විනාශ වූ දුම්රිය සහ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට සහ හානියට පත් යටිතල පහසුකම් නගා සිටුවීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
එසේම මෙම අසීරු අවස්ථාවේ රුසියානු රජය විසින් මෙතෙක් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය ස්තූතිය රුසියානු තානාපතිවරයා වෙත පුදකර සිටියා.
දීර්ඝ කාලීන මිතුරන් ලෙස දෙරට අතර ඇති වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට උපකාර කරන ලෙසත්, ඒ තුළින් වැටී ඇති රට නැවත නගා සිටුවීමට විශාල පිටුබලයක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.















