ශ්‍රී ලංකාවට උදව් ඉල්ලන්න සජිත්, රුසියානු තානාපති හමුවෙලා

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් සගාරියන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂ හමුවක් අද (09) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවුණා.

මෙහි දී විපක්ෂ නායකවරයා විසින් රුසියානු තානාපතිවරයා වෙත, දිට්වා සුළි කුණාටුව නිසා මෙරට ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

ඒ, අනුව නැවත ජන ජීවිත නගා සිටුවීමටත් විනාශ වූ දුම්රිය සහ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට සහ හානියට පත් යටිතල පහසුකම් නගා සිටුවීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එසේම මෙම අසීරු අවස්ථාවේ රුසියානු රජය විසින් මෙතෙක් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය ස්තූතිය රුසියානු තානාපතිවරයා වෙත පුදකර සිටියා.

දීර්ඝ කාලීන මිතුරන් ලෙස දෙරට අතර ඇති වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට උපකාර කරන ලෙසත්, ඒ තුළින් වැටී ඇති රට නැවත නගා සිටුවීමට විශාල පිටුබලයක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56