ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන නෞකා දෙකක් පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
එම එක් නෞකාවක පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් සහ අනෙක් නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.
එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් සඳහන් වන්නේ මේ දක්වා ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000ක් ශ්‍රී ලංකාවට සපයා ඇති බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6













