ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව සොයා බැලීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය විජිත හේරත් එක්ව තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන්වා දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසයි.
ඒ, සඳහා විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙසට ද උපදෙස් දී ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර අමාත්‍යවරයා ගුවන්තොටුපළේ සියලුම අංශය වෙත ගොස් අදාළ අංශවල සේවකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
1
+1
15
+1
+1
2
+1
4
+1