AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකන් ගුවන් යානයක් උඩු ගුවනේ දී කාර්මික දෝෂයකට ලක්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ අද (10) පස්වරුවේ සෞදි අරාබියේ රියාද් නුවර බලා පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් UL 265 දරන ගුවන් යානය ආරක්ෂිතව අද පස්වරු 07ට කටුනායක ගුවන්තොටුපොළ වෙත යළිත් ගොඩබස්වා ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ගුවන් ගමන අවලංගු වුව ද; කිසිදු ගුවන් මගියෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවුණු බවත්; ඔවුන් හට නවාතැන් සඳහා හෝටල් කාමර සපයා ඇති බව ද වාර්තා වනවා.

මීළඟට ඇති ගුවන් ගමන සඳහා එම මගීන්ව සූදානම් කරන බව ද නිවේදනයේ දැක්වෙනවා.

සිය මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ඉහළම ප්‍රමුඛතාව වන අතර, මෙම අවස්ථාවේදී ඔවුන්ගේ අවබෝධය සහ සහයෝගීතාව බෙහෙවින් අගය කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?