ශ්‍රී පාදෙට බාර් එකක් ඇරේ ?

නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට 2024-2025 වර්ෂය සඳහා මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීමට විරෝධතා දක්වන ලෙසට නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදර්ශනය කිරීමට 320/බි සීතගගුල වසමේ ග්‍රාමසේවා
නිලධාරිනියට ලබාදුන් දැන්වීම එම කාර්යාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය නොකළ බවට නල්ලතන්නිය ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

ග්‍රාමසේවා නිලධාරිනිය එම සංචාරක හෝටලයේ අයිතිකරුගේ හිතවතියක් බවත්, ඒ අනුව ඇය විසින් එම දැන්වීම ප්‍රදර්ශනය නොකළ බවත්, නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කි‍රීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ
බවට නල්ලතන්නිය පොලිසියට දැනුම් දුන් බවයි සීත ගගුල ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවන් කියා සිටියේ.

ග්‍රාමසේවා නිලධාරිනිය විසින් එම දැන්වීම ප්‍රදර්ශනය නොකළ ද තමන් දන්නා අයුරින් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාට විරෝධතා දක්වා ලිපි යොමු කර ඇති බව පවසන නල්ලතන්නිය ප්‍රදේශවාසීන් කියා සිටින්නේ අදාළ ග්‍රාමසේවා නිලධාරිනිය
නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට මහජන විරෝධයක් නොමැති බවට නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇති බවයි.

සීතගගුල ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවන් විසින් ග්‍රාමසේවා නිලධාරිනියට නගන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමට ඇයගේ ජංගම දුරකථනයට අවස්ථා කිහිපයක දී ඇමතුම් ලබාගත් නමුත් දුරකථනය ක්‍රියා විරහිත කර තිබූ නිසා අප ඒ සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ විමසුමකට ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධතා කිහිපයක් තමන් වෙත ලැබී තිබුණු බවත්, එම විරෝධතා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කළ බවයි.

ඉදිරිපත් වි ඇති විරෝධතා සම්බන්ධයෙන් පරික්ෂා කර බලා අවසන් තීරණයක් ගැනීමේ පුර්ණ බලය ඇත්තේ සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට බවයි ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
21
+1
45
+1
5
+1
19
+1
8
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29