ශ්‍රී පාදස්ථානයට වඩා මැදමුලන වලව්ව රජයට උතුම් වෙලා – විපක්ෂ නායක

සම්බුද්ධ සාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂිත වූ ස්ථානයක් ලබා දී ඇතත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී පාදස්ථානයට පවා විදුලි බිලක් යොමු කිරීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එලෙස ශ්‍රී පාදයට විදුලි බිලක් ලබා දුන්න ද හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ පුත්‍රයාගේ විවාහයට විදුලි බිල් ලබා නොදෙන අතර ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්ව, එහි කුමාරවරු සහ ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් උතුම් ද කියා ප්‍රශ්න කර සිටින බවයි ඔහු කියාසිටියේ.

රටේ බලශක්ති ඇමතිවරයා කැබිනට් තීන්දු හා රටේ නීති කඩ කර 3 වැනි වතාවටත් සියයට 400කට වැඩි විදුලි බරක් පටවා ඇති බවත් ලක්ෂ 220ක් ජනතාව අසහනයට පත් වන විට රටේ පාලකයන් සුන්දර ජන ජීවිතයක් ගත කරන බවත් රජය මේ සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් ලැජ්ඡා විය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින්.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු, විදුහල්පති, අනධ්‍යයන, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන සහ සංවර්ධන නිලධාරී ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයන් විශාල කැපකිරීමක් සිදු කරමින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට විශාල වැඩකොටසක් සිදු කළත් අවසානයේ රජයෙන් ඔවුන්ට ලැබුණේ කදුලු ගෑස්, ගුටි බැට ප්‍රහාර, ප්‍රචණ්ඩත්වය හා රාජ්‍ය ත්‍රස්තවාදය බවත් එය කිසිදු අවස්ථාවක අනුමත කළ නොහැකි බව ද ඔහු කියසිටියා. අඩු පහසුකම් හා ප්‍රතිපාදන තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වා ගැනීමට ඔවුන් දරනා මෙහෙය අමතක කළ නොහැකි බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

තවද මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් පද්ධතිය හා දරු පරපුර බිලි ගනිමින් සිටින බවත් මීට සම්බන්ධ මහ මොළකරුවන් ජනතා මුදලින් සිර ගෙවල්වල නඩත්තු වන බවත් ඊසි කෑෂ් ක්‍රමය තුළ මෙය ක්‍රියාත්මක බවත් වත්මන් රජයට එයට විසදුමක් නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් යටතේ සිංගප්පූරුවේ දඬුවම් ක්‍රමය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා කියසිටියා.

එමෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන් බේරා ගැනීමට විවිධ මෙහෙයුම් පවා වර්තමානයේ දියත් වන බවත් මෙය මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක් බැවින් මෙය මැඩ පැවැත්වීමට විශේෂීය බට කාණ්ඩයක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විදේශ රටවල සිටින මැරවරයන් කප්පම් කල්ලි යොදා ගෙන පොහොසතුන්ගෙන් කප්පම් ඉල්ලා සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රටේ නීති පද්ධතිය පවා කඩා වැටී ඇති බැවින් ඒ සදහා කොන්ද කෙලින් තියා ගෙන නිතිය හා සාමය ශක්තිමත් කිරීමට රටක් ලෙස එකට එකතු විය යුතු බව යි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?