එළැඹෙන සතියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඇමති ධුර බාර ගත් පිරිස් සම්බ්නදයෙන් මෙතෙක් විනය පරීක්ෂණ කැඳවා නැතැයිද හෙතෙම සදහන් කලේය.
රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමෙන් පසු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.













